இலங்கையில் முதலாவது ஒருபால் திருமணம்! இரத்மலானையில் சம்பவம்

ශ්‍රී ලංකාවේ ප්‍රථම සමලිංගික විවාහය පසුගිය 16 වන සිකුරාදා දින රත්මලාන ප්‍රදේශයක නිවෙසක පවත්වා තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ සැබෑ මංගල උත්සවයක් ලෙසින්ම විවාහ චාරිත්‍ර මෙහි පැවැත්වීමයි. 

මෙහි මනාලිය වී ඇත්තේ මොරටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පිරිමි පාසලක උසස්පෙළ සිසුවෙකි. මෙහි මනාලියගේ පාර්ශවයේ වුයේ උපතින් පිරිමි වුවත් ගැහැණුන් ලෙස ඇඳුම් පැළඳුම් ඇඳීමට , කතා බහකිරීමට කැමති කොට්ඨාශයකි.

මානලියගේ පාර්ශවයෙන් විවාහවූ තරුණියගේ මව , ලොකු අම්මා ඇතුළු පිරිසක් සහභාගී ව සිට ඇතිඅතර මනාලයාගේ පාර්ශවයෙන් ඔහුගේ යහළුවන් පිරිසක් සහභාගී වී ඇත. මෙම විවාහයේදී මනාලියගේ ලොකු අම්මා ලෙසින් හදුන්වා ගත් තැනැත්තා විසින් සාක්ෂි කරුවන් මධ්‍යයේ විවාහය ලියාපදිංචි කොට ඇත.

ඉන් අනතුරුව මනාලයා හා මනාලිය විසින් මුදු හුවමාරුකරගෙනද ඇත. මුදු හුවමාරු කිරීමෙන් අනතුරුව මනාලයාගේ පාර්ශවයෙන් මනාලයාගේ ලඟම හිතවතෙකු කතාවක් පවත්වා ඇතිඅතර මනාලියගේ පාර්ශවයෙන් එම සමලිංගික මධ්‍යස්ථානය පවත්වාගෙන යාමට මුලික රොහාන් නම් තැනැත්තා විසින් කතාවක් පවත්වා ඇත.

මේ සියලු කරුණු මෙසේ සිදුවෙද්දී ඉන්පසු දිනයේ පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිළධාරීන් විසින් රත්මලානේ එම විවාහය සිදුකල දෙමහල් නිවස වටලා හතරදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

රත්මලාන ධම්මිකාරාම විහාරය ඉදිරිපිට පිහිටි මෙම ස්ථානයට නිතරම පාසල් සිසුන් හා කනේ කරාඹු දාගත් තරුණයින් යන එන බවටත් ඊට පෙර පොලීසියට පැමිණිලි ලැබී තිබූ අතර සමලිංගිකයින්ට සේවා සපයන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගන ගොස් තිබූ මෙම ස්ථානයේ අසභ්‍ය ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට ප‍්‍රදර්ශනය කිරීම සඳහා වෙනම කාමරයක් හා අසභ්‍ය සඟරා සහිත පුස්තකාලයක්ද පොලීසියට හමුවී තිබුණා.

ඒවා පරිහරනය කිරීමට මුදල් ගෙවා සාමාජිකත්වය ලබාගත යුතු අතර ඒ සඳහා නිතර පාසල් සිසුන් හා තරුණයින් විශාල පිරිසක් පැමිණෙන බවද හෙළි වී තිබෙනවා.

එහිදී උපත්පාලන කොපු රාශියක් දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත. එහිදී අත්අඩංගුවට පත් සැකකරුවන් සතුව තිබී එම සමලිංගික විවාහයේ ජායාරූප ද සොයාගෙන ඇති අතර ඒවායින් කිහිපයක් අප වෙත ලැබී තිබෙනවා.
இந்த செய்தியை நண்பர்களுடன் பகிர்ந்து கொள்ள...

எமது உத்தியோகபூர்வ பேஸ்புக் பக்கம்

எமது செய்திகளை உடனுக்குடன் பேஸ்புக் மூலம் அறிந்து கொள்ள எமது பேஸ்புக் பக்கத்தை லைக் (like) செய்க!

முக்கிய குறிப்பு :

எமது இணையத்தளத்துக்கு அனுப்பிவைக்கப்படும் ஆக்கங்கள் , செய்திகள் என்பவற்றுக்கு அதனை அனுப்பிவைப்பவர்களே பொறுப்பாளிகள் ஆவர். தவறான அல்லது பிழையான, அவதூறு, பிறர் மனங்களை புண்படுத்தும் செய்திகள் அல்லது தகவல்களுக்கு எமது நிருவாகமோ இணையத்தளமோ பொறுப்பாளியல்ல. இதனைக்கருத்தில் கொண்டு தகவல் தொடர்புகளை மேற்கொள்ளுமாறு வேண்டுகின்றோம்.- நிருவாகம் -

0 comments :